
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ICC එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 යන ශ්‍රේණිගත කිරීම්හි පළමු දසදෙනා අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයෝ කිහිපදෙනෙක් මේ වන විට රැඳීසිටීමට සමත්ව සිටිති.
ඒ අනුව, නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගතකිරීම්හි, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක 10 වැනි ස්ථානයට පැමිණ ඇති අතර, එහි 08 වැනි ස්ථානයේ සිටි පැතුම් නිශ්ශංක 09 වැනි ස්ථානයේ රැඳී සිටී.
පන්දුවාර විස්ස ශ්‍රේණිගතකිරීම්හි පිතිකරුවන් අතරද පැතුම් නිශ්ශංක 09 වැනි ස්ථානයේ පසුවෙයි.
කමිඳු මෙන්ඩිස් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ටෙස්ට් පිතිකරුවන් අතර 06 වැනි තැන රැඳී සිටින අතර, ප්‍රභාත් ජයසුරියට ටෙස්ට් පන්දුයවන්නන් අතර 08 වැනි තැන හිමිව ඇත.
මහීෂ් තික්ෂණ එක්දින පන්දුයවන්නන් අතර 06 වැනි ස්ථානයේ මෙන්ම, පන්දුවාර විස්ස පිටියේ පන්දුයවන්නන් අතර පස්වැනි ස්ථානයේ පසුවෙයි.
පන්දුවාර විස්ස පිටියේ පන්දුයවන්නන් අතර වනිඳු හසරංග දෙවැනි තැන, සිය ස්ථානයතවදුරටත් තහවුරු කරගෙන සිටී.
එමෙන්ම වනිඳු හසරංග පන්දුවාර විස්ස පිටියේ තුන්ඉරියව් ක්‍රිඩකයන් අතර 05 වැනි තැන (ඕස්ට්‍රේලියාවේ මාර්කස් ස්ටෝනිස් සමග සම තැන ) සහ එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රිඩකයන් අතර 13 වැනි තැන රැඳීසිටී.
චමරි අතපත්තු ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි දෙවන තැන හිමිකරගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart