
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ පසුගිය අගෝස්තු මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඉතා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරයක් සහිත කැබ් රථයක් සමඟ සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබූ යතුරුපැදියක් සහ රුපියල් මිලියන පහළොවක (15) මුදලක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 53 ත් අතර වයසේ පසුවන මාදගල්, උරුම්පිරායි සහ ඌව කුඩා ඔය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කැබ් රථය, සැකකරුවන් පස්දෙනා, යතුරු පැදිය සහ රුපියල් මිලියන පහළොවක මුදල ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය, කෝපායි පොලීසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart