
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අලුත්කඩේ ලොකට්ලේන් වත්ත ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිවිල් ඇඳුමින් සැරසුණු පිටකොටුව පොලිසියේ නිලධාරීන් සිව්දෙනකුට වටකර පහරදීමේ සිද්ධියට අදාළව කාන්තාවන් සිවුදෙනෙකු ඇතුළු පස්දෙනකු ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
අදාළ පොලිස් නිලධාරීන් මෙම වැටළීම සිදුකිරීමට ගොස් තිබුණේ 12 වැනිදා අලුයම් කාලයේය.
එලෙස අත්අඩංගුවට ගැනීමට ගිය මොහොතේ පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණි.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ලොකට්ලේන් වත්ත ප්‍රදේශයට ගොස් කාන්තාවක අත්අඩංගුවට ගෙන මරදාන පොලිසිය වෙත රැගෙන යෑමට උත්සාහ ගත් අවස්ථාවේ තරුණයන් දෙදෙනකු පොලිස් නිලධාරීන්ට පහරදීමට පටන්ගෙන තිබේ.
එහිදී එම නිලධාරීන්ද තරුණයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇත.
අනතුරුව එම ස්ථානයට ප්‍රදේශවාසීන්ද පැමිණීමත් සමග නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇත.
සැකකාරිය අත්අඩංගුවට ගැනීමේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 200ක් හා මත්කුඩු මිලිග්‍රෑම් 800 ක් පොලිස් භාරයට ගෙන ඇත. පසුව අදාළ කාන්තාවට අමතරව පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාවන් තිදෙනකු ද, පොලිසියට පහරදුන් පිරිමි පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසියට පහරදුන් බව කියන තවත් පුද්ගලයන් කීපදෙනකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.
මේ අතර අදාළ සිද්ධියෙන් පසු යතුරුපැදිවලින් හා ත්‍රිරෝද රථවලින් පැමිණි 40කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් තමන්ට යකඩ පොලුවලින් පහරදී නිවාස දේපළවලටද පහරදී අලාභහානි සිදුකර පළාගිය බවට ලොකට්ලේන් වත්ත ප්‍රදේශවාසීහු චෝදනා එල්ල කරති.
මේ හේතුවෙන් තමන්ගේ දේපළවලට ලක්‍ෂ ගණනක අලාභයක් සිදුව ඇති බව ඔවුහු කියති.
කෙසේවෙතත් අදාළ පහරදීම සිදුකළේ කව්රුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටින බව පොලිසිය පවසයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart