
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනෙකු මත්පෙති වර්ගයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ, කුරුණෑගල – මාදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකි.
මෙම සිසුන් අතරින් එක් අයකු සිය පියා විසින් නිවසේ සඟවා තිබූ පෙති වර්ගයක් පාසලට රැගෙන විත් අනෙක් සිසුන් සමග භාවිත කර ඇතැයි පොලිසිය පවසයි.
අදාළ පෙති වර්ගය නිවසේ සඟවා තැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවකු බවද පොලිසිය සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මාදුරාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart