
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවික හමුදාව යාපනය, වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් සොයාගෙන තිබේ.
උර හතරක ඒවා අසුරා තිබූ බව නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව විසින් සිදුකරනු ලබන නිරන්තර සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මේවා මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරේ.
මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 42 කට අධික වෙතැයි නාවික හමුදාව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart