
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ස්ත්‍රී සහ පුරුෂ සමානාත්මතාව ඇතිකිරීමට තවත් වසර 300 ක පමණ කාලයක් ගත විය හැකි බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කරයි. පසුගියදා පැවති ලෝක අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය අමතමින් මහලේකම්වරයා මේ බව පෙන්වාදුන්නේය. ඔහු එහිදී සඳහන් කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වාර්තාවලට අනුව මෙම කාලසීමාවන් ගණනය කර ඇති බවයි.
මාතෘ මරණ ඇතුළුව ස්ත්‍රීන් උදෙසා සිදුවන සමාජ අක්‍රමිකතා සහ අකටයුතුකම් මෙලෙස ස්ත්‍රී පුරුෂ විෂමතාවයක් සමාජය තුළ ඇති වීමට සෘජු ලෙස බලපා ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තා පෙන්වාදී තිබේ. පසුගියදා ඉරානයේ හිජාබ් නීතියට අවනත නො වූවා යැයි පවසමින් අත්අඩංගුවට ගෙන සිටි 22 හැවිරිදි මහ්සා අමීනිගේ හදිසි මරණය ද සමාජීය පොදු සම්මත තුල ගෑහැනියට සිදුවන අකටයුතු කම් සදහා ආසන්නතම සිදුවීමක් ලෙස සැලකිය හැකි බව එහි සඳහන් වේ.
මහලේකම්වරයා විසින් එහිදී ඇෆ්ගනිස්තානය ඇතුළු රටවල් කිහිපයක් පිළිබඳව සඳහන් කරමින් ඒවායේ කාන්තාවට සිදුවන අකටයුතුකම් පිළිබඳ අවධාරණය කරන ලදී. පසුගියදා ඇෆ්ගනිස්තාන කාන්තාවන් කාබුල් විශ්ව විද්‍යාලයෙන් පිටත ඒකරාශීව කාන්තා අයිතිවාසිකම් සඳහා එරට පාලක තලිබාන් තහනමට විරුද්ධව හඬ නගන ලද බව ඔහු උදාහරණ ලෙස සඳහන් කළ සිදුවීම් අතර විය. එම අතර පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවේද බාලවයස්කාර විවාහ, සහ උද්‍යාන, ව්‍යායාම මධ්‍යස්ථානය වැනි පොදු අවකාශයන් කාන්තාවන්ට තහනම් කිරීම ඇතුළු කාන්තා ස්වාධීනත්වය සීමා කිරීම සම්බන්ධ චොදනා රැසක් ඉදිරිපත් වී තිබිණි.
Image – ADB
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart