
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් 2016 වසරේ ශ්රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් සිදුවන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය විසින් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයට ගොනුකර තිබූ පැමිණිල්ලක් අද (13) කැඳවනු ලැබීය. එහිදී පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා විසින් මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තුවක් නිකුත් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් එම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබිණි. විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 07 දෙනෙකු සැකකරුවන් වශයෙන් නම්කොට ඇති අතර පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටිම සළකා බැලූ ප්රධාන මහෙස්ත්රාත් ප්රසන්න අල්විස් විසින් වරෙන්තු නිකුත් කළ අතර නඩුව ලබන ජූනි මස 19 දින යළි කැඳවීමට නියම කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart