
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුගිය සෙනසුරාදා (ජුලි 1) පැවති ඡන්ද විමසීමේදී රාජපක්ෂ පවුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් නොපැමිණීම සැලසුම් සහගතව සිදුකරන ලද්දක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ජූලි 01 වැනිදා ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට පැමිණ නොතිබිණි.
එම මන්ත්‍රීවරුන් තිදෙනා ඡන්ද විමසීමට නොපැමිණීමට විශේෂ හේතුවක් නොමැති බවත්, ඔවුන් නොපැමිණීමට සැලසුම් කර නොමැති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.
මේ අතර, එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ සහ පෙර දැනුම්දීමකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට විපක්ෂය තීරණය කර ඇත.
සමගි ජන බලවේගය නියෝජනය කරන වෛද්‍ය රාජිත සේනාරත්න, මයන්ත දිසානායක, රෝහිණී කුමාරි විජේරත්න සහ මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරුන් ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගැබේ සිටියේ නැත.
ඔවුන් අතරින් රෝහිණී කුමාරි විජේරත්න විදේශගතව සිට ඇති අතර, මයන්ත දිසානායක අසනීප තත්ත්වයෙන් පසුවූ බව වාර්තා වේ.
මෙම යෝජනාව වැඩි ඡන්ද 60කින් සමන්විතව පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති අතර, මන්ත්‍රීවරුන් 122 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර විපක්ෂව ඡන්ද 62ක් ලැබී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart