
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නවදිල්ලියේදී ත්‍රිරෝද රථයකින් ගමන් කිරීම විශාල අවධානයකට පසුගිය සතියේ ලක්වූ සිදුවීමක් විය. G20 විදේශ අමාත්‍යවරුන්ගේ හමුව සහ රයිසිනා සංවාදය සඳහා සහභාගී වීම වෙනුවෙන් ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී සිටින අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නදිල්ලියේ පිහිටි අමෙරිකානු
තානාපති කාර්යාලයට ද පැමිණ තිබේ. එම සංචාරය සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම්වරයා සිය ට්විටර් ගිණුමේ සටහන් තබා ඇති අතර මේ වන විට එම සටහන ජාත්‍යන්තර මාධ්‍ය රැසක අවධානය ඒ වෙත යොමුව ඇත.
ඊට හේතුව වන්නේ නවදිල්ලියේ පිහිටි තානාපති කාර්යාලය දක්වා යන ගමනේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සිය වෙඩි නොවදින සුඛෝපභෝගී මෝටර් රථය ප්‍රතික්ෂේප කර තිබීමයි. ඒ වෙනුවට ඔහු ත්‍රී රෝද රථයකින්නානාපති කාර්යාලය දක්වා ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූප නවදිල්ලියේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමේ පළ කර තිබේ. ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම්වල නිරත අමෙරිකානු කාර්යය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හමුවීම සතුටක් බව රාජ්‍ය ලේකම්වරයා තානාපති කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart