
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් 2023 වසරේ මුල් මාස 02 තුළ දී මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 844.9 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන්ව ඇත.
මෙය 2022 වසරේ මුල් මාස 02 තුළ ලැබී තිබුණු ප්‍රේෂණ වටිනාකම වූ ඩොලර් මිලියන 464.1 හා සැසඳීමේ දී 82% ක ඉහළ යෑමකි.
මහ බැංකුව පෙන්වාදෙන ආකාරයට 2023 පෙබරවාරි මාසයේ ලැබී තිබෙන ප්‍රේෂණ වටිනාකම ඩොලර් මිලියන 407.4 ක් වේ. කෙසේවෙතත් එය 2023 ජනවාරි මාසයේ ලද ඩොලර් මිලියන 437.5 ක ප්‍රේෂණ අගයයට වඩා අඩු අගයයකි. 2022 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 475.6 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී තිබිණි. එය 2021 ජූනි මාසයෙන් පසු මේ දක්වා තනි මාසයක් තුළ වාර්තා වී ඇති වැඩිම ප්‍රේෂණ අගය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart