
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර රුපියල් ලක්ෂ 26 කට අධික කප්පම් මුදලක් ලබා ගත් පුවතක් නාරම්මල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. රුපියල් ලක්ෂ 26 කට අධිකමෙම මුදල වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කරයි.
මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇයගේ නිරුවත් ඡායාරූප අනියම් සැමියා ලබාගෙන ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ. සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කර වරින්වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart