
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තලේබාන් සංවිධානයට අභියෝග කරමින් ඇෆ්ගනිස්ථානයේ සිසුවියන්ට සහ කාන්තාවන්ට විවිධ විෂයයන් පිළිබඳ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදාකරදෙමින් සිටින ඇෆ්ගන් ව්‍යවසයිකාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇය මෙම අභියෝගය භාරගෙන තිබෙන්නේ තලේබාන් සංවිධානය කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය මුළුමනින්ම සීමාකර ඇති පසුබිමකය. කෙසේ වෙතත් අදාළ තොරතුරු වාර්තා කරන මාධ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඇගේ අනන්‍යතාව අනාවරණය කර නොමැත.
තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමට පෙර ඇය කාබුල්හි අවන්හලක් පවත්වාගෙන ගිය 43 හැවිරිදි කාන්තාවකි. ඇය දැන් රහසින් ගැහැනු ළමයින්ට ඉගැන්වීමේ කටයුතු කරනු ලබන බව මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. තලේබාන්වරුන්ගේ බලපෑම මත කාන්තාවන් රටින් පිටව යද්දී මෙම කාන්තාව මෙය කරමින් සිටී. ගණිතය, භෞතික විද්‍යාව, ඡායාරූපකරණය, ස්වර්ණාභරණ නිර්මාණය සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දැනුම ලබා ගැනීමට ඇගේ ආයතනය කාන්තාවන් 500 දෙනෙකුට අවස්ථාව ලබාදී ඇත.
Image – nara.getarchive.net
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart