
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනි කෙමෙන් සුවය ලබමින් සිටින බව ඔහුගේ බිරිඳ කුමාරි මුණසිංහ පවසයි. ජාතික රුපවාහිනියේ වැඩසහනක් අතරතුර ජැක්සන් ඇන්තනිගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අදහස දක්වමින් ඇය මේ බව සඳහන් කළාය. 2022 ජූලි මාසයේදී හදිසි අනතුරකට මුහුණදුන් ජැක්සන් ඇන්තනි මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
“එතුමා කෙමෙන් සුවවෙමින් ඉන්නවා මේ වන විට. මුලින් දැඩි ලෙස අසනීප වෙච්ච කාලෙට වඩා සෑහෙන්න ප්‍රතිචාර පෙන්නනවා. ඔහු සෙමෙන් සෙමෙන් සුවය කරා ලංවෙමින් ඉන්නවා.” යැයි කුමාරි මුණසිංහ එහිදී ප්‍රකාශ කරයි.
ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ හුවමාරුවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කුමාරි මුණසිංහ එහිදී මෙසේ ප්‍රතිචාර දැක්වූවාය.
“සමාජ මාධ්‍ය උපුටා ගන්නේ ජනප්‍රිය දේවල්. ඒ උපුටා ගැනීම්වලින් ඔවුන් මුදල් උපයනවා. ජැක්සන් ඇන්තනි කියන පුද්ගලයා මට හම්බවෙන්නේ පාසලේදී. එතකොට ඔහුට මේ තරම් ලොකු ප්‍රසිද්ධියක් තිබුණේ නැහැ. ඔහු ගොඩනැගෙන්නේ මගේ ඇස් ඉදිරිපිට. අද ජැක්සන් ඇන්තනි කිව්ව ගමන් ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහු ඒ ප්‍රසිද්ධිය ලබාගත්තේ ඉතා අපහසුවෙන්. ඒ අපහසුවෙන් ලබාගත්ත ප්‍රසිද්ධිය පාවිච්චි කරලා තවත් අය මුදල් සඳහා මේ වගේ වැඩ කරන්නේ ඇයි? කමක් නැහැ, ඔවුන් මුදල් උපයපුදෙන්. ඔවුන්ගේ අඹුදරුවන් රැකුණදෙන්.ඒ කුසක් පිරෙන ගාණේ ජැක්සන්ට තමයි ඒ පින අත්වෙන්නේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart