
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන මාසයේ සිට අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය සහ ආර්ජන්ටිනාවේ නාවික හමුදාව එක්ව අත්ලාන්තික් සාගරයේදී චීනය නීතිවිරෝධීව සිදු කරන මසුන් ඇල්ලීම මැඩපැවැත්වීම අරමුණු කරගත් ඒකාබද්ධ අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ආර්ජන්ටිනාව, චිලී සහ පේරු රාජ්‍යය චෝදනා නගා ඇත්තේ චීන යාත්‍රාවල ක්‍රියාකලාපය හමුවේ නිරිතදිග අත්ලාන්තික් සාගරයේ මත්ස්‍ය සම්පතට හානි සිදුවන බවයි.
චීන යාත්‍රා හේතුවෙන් ස්වභාවික ජෛව විවිධත්වයට හානි එල්ල වන බව ද දකුණු ඇමරිකානු රටවල් පවසන අතර නියාමනයකින් තොරව තම මුහුදු සීමාවේ මහා පරිමාණ ආක්‍රමණශීලී මසුන් ඇල්ලීම සම්බන්ධයෙන් එම රටවල් විසින් චීනය විවේචනය කර ඇත.
අත්ලන්තික් සාගර කලාපය මුහුදු පක්ෂීන් සඳහා ප්‍රධාන කැදලි ප්‍රදේශයක් වන අතර සාගර ක්ෂීරපායින් සඳහා ආහාර සපයන ප්‍රදේශයක් ලෙස ද ප්රකටයි.
චීනයේ මෙම මසුන් ඇල්ලීමේ පිළිවෙත් මැඩපැවැත්වීම සඳහා ආර්ජන්ටිනාවේ ආරක්ෂක අංශ සමග එක්ව කටයුතු කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත් යූඑස්එස් ජේම්ස් නෞකාව ඉදිරියේදී අත්ලන්තික් සාගර කලාපය වෙත යොමු කෙරෙනු ඇති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart