
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ බිඳ වැටී ඇති පශු සම්පත් සංවර්ධන ක්ෂේත්‍රය යළි නඟා සිටුවීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවක දී අදාළ එකඟතාව පළ වී බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. කිහිප අවස්ථාවකදී ඉන්දීය මහකොමසාරිස්වරයා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් පවත්වා ඇත.
වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි ගව විශේෂ ශ්‍රී ලංකාවේ නොමැතිවීම හේතුවෙන්, උසස් වර්ගයේ දෙනුන් මෙරටට ලබාදීමට ද ඉන්දීය රජය එකඟතාවය පළ කර ඇති බව වාර්තා සඳහන් කරයි. පසුගිය වසරේ මෙරට කිරි නිෂ්පාදන කර්මාන්තය 19% කින් පමණ පහත වැටී ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart