
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ වාසය කරන සූපවේදීන් අතර පැවැත්වූ ප්‍රධාන ජාත්‍යන්තර තරගයකින් පළමු සහ දෙවන ස්ථාන දෙකම දිනා ගැනීමට ශ්‍රී ලාංකිකකයන් දෙදෙනෙකු සමත් වී ඇත. එහිදී පළමු ස්ථානය දිනාගැනීමට මෙල්බර්න්හි වාසය කරන ශ්‍රී ලාංකික සූපවේදී දොන් ශර්මන් සමත් වූ අතර දෙවන ස්ථානය ආලේඩ් නුවර වාසය කරන ශ්‍රී ලාංකික සූපවේදී මෙලාන් එඩිසන් විසින් දිනගෙන තිබේ.
ඕස්ට්‍රේලියාවේ ඉහළම සූපවේදීන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූ අතර ආහාර වට්ටෝරුවක් පිළියෙල කරන ආකාරය යූටියුබ් වෙත එක් කිරීම එහිදී සිදු කළ යුතු විය. එහිදී වැඩිම Likes ප්‍රමානය හිමිකරගත් දොන් ශර්මන් හට ඉතාලියේ සූපශාස්ත්‍ර අධ්‍යයන චාරිකාවක් සඳහා නැවත ගොස් පැමිණීමට අවස්ථාව උදාවී ඇත. දෙවන ස්ථාන දිනාගත් මෙලාන් එඩ්සන් හට සිය ආහාර වට්ටෝරුව සූප ශාස්ත්‍ර පිළිබඳ සඟරාවක පළ කර ගැනීමටද මෙහිදී අවස්ථාව හිමි විය.
Image – Dailynews
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart