
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ආදායම් පනත සංශෝධන කිරීම සඳහා සකස්කළ පනත් කෙටුම්පතක් ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. එමඟින් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට නියමිතය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයාගේ නියෝග පරිදි එම සංශෝධන පනත් කෙටුම්පත මාර්තු මස 16 වන දින නිකුත් කර ඇත.
අදාළ සංශෝධන පනත මඟින් දේශිය ආදායම් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති අතර, එම සංශෝධනයන් අප්‍රේල් මස 01වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට ද නියමිත බව ගැසට් පත්‍රයේ සඳහන් වේ. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් අනතුරුව එම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. 2022 ඔක්තෝබර් මාසයේදීද දේශීය ආදායම් පනතට සංශෝධන එක්කිරීමක් සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart