
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු අප්‍රිකාවේ පැවැති වයස අවුරුදු 19න් පහළ යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශුරතාව ජයග්‍රහණය කිරිමට ඕස්ට්‍රේලියාව සමත්විය.
ඒ අනුව 4 වැනි වරටත් ඕස්ට්‍රේලියාව යොවුන් ලෝක කුසලානයට හිමිකම් කියනු ලැබුවේ පසුගියවර ලෝක ශුරයන් වූ ඉන්දියාව ලකුණු 79කින් පරාජයට පත්කරමිනි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 253ක් රැස්කළේය.
හර්ජාස් සිංග් ලකුණු 55ක් සහ නායක හග් වෙයිබ්ජන් ලකුණු 48ක් රැස්කළහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය යොවුන් කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 05ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 174ක් පමණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart