
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තායිලන්තයේ සිට පැමිණි මගියකු ඊයේ රාත්‍රියේ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී කුෂ් ගංජා කිලෝග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් ළග තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු බව හදුනාගෙන ඇත.
ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 20ක් පමණ වේ.
වෘත්තියෙන් නර්තන ශිල්පියකු වන ඔහු තායිලන්තයේ බැංකොක් සිට එයාර් ඒෂියා ගුවන් යානයකින් රාත්‍රී 10.40ට පමණ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart