
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අහුන්ගල්ලේදී අද පස්වරුවේ සිදුකෙරුණු වෙඩි තැබීමකින් යුවලක් සහ ඔවුන්ගේ සිඟිති දරුවා තුවාල ලබා ඇත.
හුන්ගල්ල පොලිස් ඌරගස් මංහන්දි මාර්ගයේ ගල්වෙහෙර කණිටු විද්‍යාලය ආසන්නයේදි අහුන්ගල්ල දෙස සිට ඌරගස්මංහන්දිය දෙසට ස්කුටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම තිදෙනාට වෙඩි තබා ඇත.
T56 වර්ගයේ ගිනි අවියකින් නාඳුනන පුද්ලයන් පිරිසක් විසින් මේ තිදෙනාට වෙඩි තබා පළාගොස් ඇති බව පොලිසිය පවසයි.
අහුන්ගල්ල ප්‍රදේශයේ ගෘහ භාණ්ඩ අලෙවි සැලක් පවත්වා ගෙන යන දිනේෂ් මුතුමාල් ද සිල්වා, ඔහුගේ බිරිඳ වන ශානි මහේෂා සහ ඔවුන්ගේ මාස 04ක් වයසැති දරුවා මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත.
තුවාලකරුවන් තිදෙනා බළපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව අනාවරණය වේ.
වෙඩි වැදි තුවාල ලබා ඇති පිරිමි පුද්ගලයා, දැනට විදේශගතව සිටින අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියකු වන කලුහත් නදිශ් කුමාර ආබ්‍රේව් නොහොත් බාබා යන අයගේ බිරිඳගේ සහෝදරයකු බව හෙළිවී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart