
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩිජිටල් ගනුදෙනු වෙත ගෝලීය වශයෙන් ජනතාව නැඹුරු වෙමින් සිටියදී මෙරට තුළ අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කරන භාණ්ඩ හා සේවා සඳහා මුදල් ගෙවීමේ ක්‍රමය ලෙස cash on delivery (භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම) ප්‍රමුඛතම ගෙවීමේ ක්‍රමය ලෙස පවතින බව Asia Pacific Digital Marketing ආයතනයේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ Digital Outlook Sri Lanka 2025 වාර්තාවට අනුව පෙන්නුම් කරයි.
අන්තර්ජාල ඔස්සේ ගනුදෙනු සිදුකරන මෙරට පාරිභෝගිකයන්ගෙන් සියයට 52ක් cash on delivery (භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම) සඳහා කැමැත්තක් දක්වන බව එම වාර්තාවෙන් අනාවරණ වී තිබේ.
එම අගය පෙර වසරේ පැවතියේ සියයට 48 ක අගයකයි.
වාර්තාවට අනුව ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් භාවිතය සියයට 35 ක අගයක් පෙන්වන අතර එය පෙර වසරට සාපේක්ෂව සුළු අගයකින් පහළ ගොස් තිබේ.
පසුගිය වසරේ එම අගය දැක්වුණේ සියයට 39.5 ක අගයකයි.
ඊ-පසුම්බි/ඊ-මනි වැනි යෙදුම් භාවිතයෙන් සිදුකරන ඩිජිටල් ගෙවීම් ක්‍රම මගින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සියයට 1ක් හෝ ඊට අඩු මට්ටමක පවතින අතර එය පෙර වසරට සාපේක්ෂව සැලකිය යුතු උච්ඡාවචනයක් සිදුනොවූ අගයකි.
මේ අතර වාරික මත පදනම් වූ පහසු ගෙවීමේ ක්‍රම මගින් මිලදී ගැනීම් සියයට 3ක් වන අතර පසුගිය වසරේ එම අගය සියයට 1 ක් ලෙස දැක්විණි.
ඩිජිටල් තාක්ෂණය පිළිබඳ වැඩි වශයෙන් කතාබහ කරන පසුබිමක පවා මෙරට තුළ cash on delivery (භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම) ක්‍රමය භාවිතය ඉහළ යෑමට බලපා ඇති හේතු කිහිපයක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව අනාවරණ වී ඇත්තේ අවදානම් අවම කිරීම, අවලංගු කිරීමේ නම්‍යශීලීභාවය සහ ගාස්තු සහ දත්ත හුවමාරුවෙන් වැළකීම ඇතුළු කරුණු ඒ සඳහා බලපා ඇති බවයි.
බොහෝ පිරිස් මාර්ගගත වංචා සඳහා බියවීම මෙන්ම COD ක්‍රමය හරහා දත්ත ආරක්ෂක ගැටළු මතු නොවීම ඊට ප්‍රධාන සාධකයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart