
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ආසියානු පොප් සංගීතයේ සළකුණක් බවට පත්ව සිටින යොහානි, රොමේනියානු කලාකරුවෙකු වන එඩ්වඩ් මායා සමඟ Diamonds(දියමන්ති) යන ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත (EDM) ගීතය නිකුත් කිරීම සඳහා අන්තර්ජාතික සහයෝගීතාවය නිවේදනය කර ඇත.
මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ, YouTube සහ සංගීත ප්‍රවාහ වේදිකාවල දේශීය ප්‍රස්ථාරවල ඉහළින්ම සිටින යොහානිගේ මංගල ඇල්බමය වන ‘කෙල්ල'(Kella) සාර්ථක ලෙස දියත් කිරීමෙන් අනතුරුවය.
එඩ්වඩ් මායා යනු ඇමරිකා එක්සත් ජනපදයේ බිල්බෝඩ් හොට් 100 හි සඳහන් පළමු රුමේනියානු කලාකරුවා වන අතර, ඔහු එහි 16 වැනි ස්ථානයට පත්ව ඇත.
රුමේනියාවේ සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංගීත උරුමයන් ඒකාබද්ධ කරමින් ‘දියමන්ති’ නම් මෙම නර්තන-පොප් විශිෂ්ට නිර්මාණය එළිදැක්වීමට සැලසුම් කර ඇත.
Dorian Micu, Miruna Iova, Adrian Eduard Radu සහ ඩිලන්ජන් සෙනවිරත්න මෙම නිර්මාණයට දායකවූ අනෙක් කලාකරුවන් ය.
Diamonds ගීතයේ නිල දෘශ්‍යකරණය ඊයේ සිට සමාජ මාධ්‍ය වෙත නිකුත කර ඇත.
එය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart