August 3, 2025

යටිනුවර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ සියදිවි නසාගැනීම සහ ඔහුගේ බිරිඳ සහ දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මහනුවර ප්‍රදේශයේ මුදල් ණයට දෙන්නෙකු වෙත යොමු වී තිබේ.

ප්‍රාදේශීය සභා විපක්ෂ නායක චම්පික නිලන්ත සිය බිරිඳ සහ දරුවා ගෙළ සිරකර මරාදමා සියදිවි නසාගැනීමට පෙර සටහනක් තබා ගොස් ඇති අතර, මූලික සොයාගැනීම් මත පදනම්ව පොලිසිය මුදල් ණයට දෙන්නාගෙන් ප්‍රශ්න කර තිබේ.

ගනුදෙනු නියමිත වේලාවට පියවා නොගැනීම නිසා මුදල් ණයට දෙන්නා පුද්ගලයන් යොදවා ඔවුන්ව ‘බ්ලැක්මේල්’ කර ඇති බවට චෝදනා එල්ල වේ.

විමර්ශන දැන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා සහ ඔහු යටතේ කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලැබේ.

මූලික විමර්ශනවලදී, විපක්ෂ නායකවරයා විසින් තැබූ සියදිවි නසාගැනීමේ සටහනේ නම සඳහන් මහනුවර ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇත.