
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ T20 ක්‍රිකට් ලෝක කුසලාන වැඩසටහන විශාල පසුබෑමකට මුහුණදී ඇත්තේ, වීසා බලපත්‍ර ප්‍රමාදය නිසා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකුට නිවසේ රැඳී සිටීමට සිදුවීම නිසාය.
මෙලෙස වීසා බලපෑමට ලක්වූවන් අතර ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් ද වන අතර, ඔහුගේ නොසිටීම තරඟාවලියට පෙර ශ්‍රී ලංකාවේ සූදානමට සැළකිව යුතු පහරක් වේ.
තරගාවලිය ආරම්භයට ආසන්න වීමත් සමඟ මෙන්ඩිස්ගේ පැමිණීම ප්‍රමාද වීම කණ්ඩායමේ පෙළගැස්මෙහි තීරණාත්මක හිස්තැනක් තබයි.
වීසා ක්‍රියාවලිය කඩිනම් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) ඇඟිල්ල දිගුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ කලකිරීම ප්‍රකාශ කර ඇත.
සියලුම සහභාගී වන කණ්ඩායම් සඳහා වීසා පහසුකම් සැලසීමේ වගකීම සත්කාරක එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය සමඟින් පාලක මණ්ඩලයට පැවරී ඇති අතර, දැන් ගැටලුව විසඳීම සඳහා වැඩි පීඩනයකට මුහුණ දී සිටී.
සමහර ක්‍රීඩකයන් සඳහා වීසා ලබාගැනීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් ද සම්බන්ධ කර ගෙන ඇති නමුත් තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තා වේ.
මෙතෙක් වීසා ප්‍රමාදයන් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකා කන්දයමින් පමණක් වන අතර අනෙක් සියලුම කණ්ඩායම් අමෙරිකා එක්සත් ජනපදය බලා යමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart