
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ අග පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා, සත්කාරක රටවන ඉන්දියාව සහ එංගලන්තය සුදුසුකම් ලබනු ඇති බවට ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් අනාවැකි පළ කර ඇත.
2023 ලෝක කුසලානය ප්‍රදර්ශනය අද (27) මුම්බායිහි දී ආරම්භ කරන අවස්ථාවට මුරලිදරන්ට සහ හිටපු ඉන්දීය පිතිකරු විරේන්ද්‍ර ෂෙවාග්ට ආරාධනා කර තිබේ.
තරඟාවලිය ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වේ.
එංගලන්තය හොඳින් ක්‍රීඩා කරන බවත්, තමාගේ අදහසට අනුව ඉන්දියාව සහ එංගලන්තය අවසන් තරඟයට ක්‍රීඩා කරනු ඇති බවත් මුත්තයියා මුරලිදරන් එහිදී සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, නොවැම්බර් 19 වැනිදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාව පාකිස්තානය සමඟ තරග කරනු දැකීමට ද තමන් ප්‍රර්ථනා කරන බව මුරලිදරන් පවසා තිබේ.
ඉන්දියාව, පාකිස්ථානය, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට පැමිණෙන බවට ෂෙවාග් එහිදී ඉඟි කළ අතර, ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන අවසන් මහා තරගයක් ගැන ද අනාවැකි පළ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart