
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ප්‍රධාන විධායක නිලධාරි ජෙෆ් ඇලර්ඩිස් පවසයි.
මෙවර පන්දුවාර විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ලබන ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
බංග්ලාදේශයේ පසුගිය ජූලි මාසයේ සිට මේ මස මුල් සතියේ පැවැති දේශපාලනය අස්ථාවරත්වය හේතුවෙන් පන්දුවාර විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය වෙනත් රටක පැවැත්වීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart