June 6, 2025

ශ්‍රීලන්කන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් රථය සඳහා සාම්ප්‍රදායිකව සිදු කළ ජල ආචාරය අතරතුර එහි වයිපර් ක්‍රියා නොකරන බව පෙනෙන්නට තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සේවයට වඩා අඩු ප්‍රමිතියකින් යුත් ගරුඩා ගුවන් සේවයේ අවුරුදු 14ක් පැරණි එයාර්බස් රථයක් රජය ආඩම්බරයෙන් රටට ප්‍රදර්ශනය කළ බව ඔහු පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.

ණය බරින් පෙළෙන ශ්‍රීලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

“ශ්‍රීලන්කන් ගුවන් සේවයෙන් රජය ජනතාවට බරක් පැටවීමට යනවාද,” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.