
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහයෝගීතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියවිල්ලෙහි ‘ආරෝපිත කුලී ආදායම් බද්ද‘ ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපළ බද්ද පිළිබඳව දක්වා ඇති බවත්, මෙම බද්ද තුලින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, මේ පිළිබඳව ඇතැම් දුර්මත සහ වැරදි වැටහීම් පැතිර ගොස් ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කළ එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart