
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අසල්වැසියකු ලෙස ශ්‍රී ලංකාව කිසිවකුටත් ඉන්දියාවේ ආරක්ෂාවට හානි කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් විදේශ ඇමැති අලි සබ්රි ඉන්දියාවේ ජාතික ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කර තිබේ.
චීන පර්යේෂණ යාත්‍රා දිවයිනට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන කණස්සල්ල පිළිබඳ ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් අනෙක් රටවල් සමඟ විනිවිදභාවයෙන් කටයුතු කිරීමට කැමති බවයි.
“අපි සියලුම රටවල් සමඟ වැඩ කිරීමට කැමති බව අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා, නමුත් ඉන්දියානු ආරක්ෂාව පිළිබඳ ඕනෑම සාධාරණ කරුණක් සැළකිල්ලට ගන්නා අතර, කිසිවකුට එයට හානි කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. එයට යටත්ව, ඇත්ත වශයෙන්ම, ඉතා විනිවිදභාවයෙන් අපි සියලු රටවල් සමඟ වැඩ කිරීමට කැමතියි ”යනුවෙන් ඇමැතිවරයා ANI සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.
“මට මෑතකදි දැන ගන්න ලැබුණේ චීනය ඉන්දියාවේ ලොකුම වෙළඳ සහකරු බවට පත්වෙලා කියලයි. ඒ නිසා ඔබත් ඔවුන් සමඟ වැඩ කරනවා වගේ. අපිත් කැමතියි හැමෝම එක්ක වැඩ කරන්න. ඒ නිසා, වගකිවයුතු අසල්වැසියකු සහ ශිෂ්ටාචාරික හවුල්කරුවකු ලෙස ඉන්දියාවේ නීත්‍යනුකූල ආරක්‍ෂාවට හානියක් වන කිසිම දෙයක් අපි භාර ගන්නේ නැහැ,”යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ඉන්දියාවේ දැනට පැවැත්වෙන මැතිවරණ පිළිබඳ ඇමැතිවරයා ප්‍රකාශකර ඇත්තේ එය ප්‍රජාතන්ත්‍රවාදයේ සැමරුමක් බවත් මැතිවරණ ප්‍රතිඵලය කුමක් වුවත් ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ එක්ව කටයුතු කරන බවයි.
චීන නාවික හමුදාවේ සබ්මැරීන් නාශක මෙහෙයුම් සඳහා ඉතා වැදගත් වන සාගර පතුල සිතියම්ගත කිරීමේ හැකියාව ඇති පර්යේෂණ යාත්‍රාවක් ලෙස පෙන්වා දී ඇති යාත්‍රාවක් ශ්‍රී ලංකා වරායේ නැංගුරම්ලෑම සම්බන්ධයෙන් ඉන්දියාව පසුගිය වසරේ සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබිණි.
එම චීන පර්යේෂණ නෞකාව පසුව හම්බන්තොට වරායට පැමිණ තිබිණි.
චීන ඔත්තු සේවා යාත්‍රාවක් ලෙස හඳුන්වන යුවාන් වැන්ග්-5 පිළිබඳ අදහස් දක්වමින් විදේශ කටයුතු ඇමැති එස්.ජයිශංකර් කියා සිටියේ ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන ඕනෑම වර්ධනයක් සම්බන්ධයෙන් ඔවුන් අවධානයෙන් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart