
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරය සඳහා රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන ගණන් ගැනීමේ නිලධාරියා ලෙස වගකීම පැවරෙන්නේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊයේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේය.
ඒ අනුව ඔහු ද මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වශයෙන් හඳුනාගෙන තිබෙන බව පීරිස් පැවසීය.
ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ සඳහන් කළ ද එම අවස්ථාවේ ඔහු එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කළේ නැත.
හිටපු ජනාධිපතිවරයාගේ අදාළ ගමන සඳහා ඔහුගේ බිරිඳ, පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, වෛද්‍යවරයකු සහ පොලිස් නිලධාරීන් ඇතුළු 10 දෙනෙකු සහභාගී වී ඇති බවත් ඔහු මෙම සංචාරයට සහභාගී වී තිබෙන්නේ බ්‍රිතාන්‍ය රජයේ නිල ආරාධනයක් අනුව නොවන අතර, මේ සඳහා මුදල් අනුමත කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් බවත් අතිරේක සොලිසිටර් ජනරල්වරයා සඳහන් කළේය.
තවද එම වකවානුවේ ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් තුළින් රටේ පවතින ආර්ථික දුෂ්කරතා සැළකිල්ලට ගෙන අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් රාජ්‍ය මුදල් වැය කිරීමට උපදෙස් ලබාදී තිබුණු බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.
ඔහු කියා සිටියේ රටේ ආර්ථික අර්බුදයක් පැවති අවස්ථාවක ඩොලරයක් සොයා ගැනීමට පවා අපහසු තත්ත්වයක් තිබූ අවස්ථාවක පාලකයා වශයෙන් මෙම සැකකරු සිය පෞද්ගලික සංචාරය සඳහා මේ ආකාරයෙන් රජයේ මුදල් වැය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවයි.
සැකකරුට ඇප නියම කිරීම සඳහා විරුද්ධ වීමට හේතු ලෙස මේ පිළිබඳ තවමත් විමර්ශන පැවැත්වීම සහ තවදුරත් ප්‍රශ්නකිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට ඇති බවත් හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වැනි අය ද ඒ අතර සිටින බවත් අතිරේක සොලිසිටර් ජනරල්වරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart