
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් අපනයනය කිරීම සඳහා පියවර නොගන්නා බවට වනජීවී හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (26) අභියාචනාධිකරණයට සහතිකයක් ලබා දී ඇත.
එම පියවරට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී වනජීවී හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව ලබාදුන් සහතිකය නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට දන්වා තිබේ.
මෙම නඩුව රජය විසින් අධිකරණයට ලබා දී ඇති වගකීම සටහන් කරගැනීම සඳහා අභියාචනාධිකරණය හමුවේ ජූලි 06 වැනිදා කැඳවීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවෙන් චීනයට රිලවුන් අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවට කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මීට පෙර කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකාවේ වනජීවී සහ ස්වභාව ආරක්ෂණ සංගමය ඇතුළු සත්ව ක්‍රියාකාරීන් සහ පරිසරවේදීන් කිහිපදෙනෙක් විසින් අභියාචනාධිකරණය ඉදිරියේ දී පෙත්සම් ගොනුකර ඇත්තේ රිලවුන් චීනයට අපනයනය කිරීමේ ඕනෑම තීරණයක් අවලංගු කරන ලෙසටය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart