
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ මරදන්කේණී තාලෙයිඅඩි ප්‍රදේශයේදී කාන්තාවකට අතවර කොට ගෙළ සිරකොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා මරදන්කේණී පොලිසිය විසින් පෙරේදා (16 දා) අත් අඩංගුවට ගෙන තිබේ.
මියගිය කාන්තාවගේ සැමියා ධීවරයකු වන අතර ඔහු පොලිසියට පවසා තිබුණේ රාත්‍රියේ තමන් මුහුදු ගොස් අලුයම ආපසු නිවසට පැමිණෙන විට ඔහුගේ බිරිඳ වැසිකිළිය අසල වැටී සිටි බවයි.
පසුව ඇයව පේදුරුතුඩුව රෝහලට රැගෙන ගිය බවද ඔහු පවසා තිබුණි.
උඩුතුරෙයි උතුරු තලෙයිඅඩි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ජෙයසීලන් සංගීතා නමැති මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පේදුරුතුඩුව රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇගේ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ දැඩි ලෙස සීරීම් තුවාල තිබූ බවත් ඇගේ මරණයට හේතුව රෙදි කැබැල්ලක් වැනි යමකින් ඇගේ ගෙළ සිරකොට තිබීම බවත් හෙළි වී තිබේ.
මේ පිළිබඳව මරදන්කේණී පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ අදාළ දිනයේදී මියගිය කාන්තාවගේ සැමියා මුහුදු ගොස් නොමැති බවයි.
අසල්වාසීන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මේ නිවසේ කාන්තාව හා ස්වාමි පුරුෂයා අතර නිතරම රණ්ඩුසරුවල් හා පහර දී ගැනීම් සිදුවන බව පොලිසියට පවසා ඇත.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා මරදන්කේණි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart