
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන විස්සයි20 ලෝක කුසලානය හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා ප්‍රමුඛ පිතිකරු පැතුම් නිශ්ශංක තොර නොගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් භාර ප්‍රධානී උපුල් තරංග සඳහන් කරයි.
“පැතුම් දිගු ඉනිමක් ක්‍රීඩා කරන විට ඔහුට දිගු කාලීනව කොන්දේ වේදනාවක් ඇති වෙනවා. ඒ නිසා වෛද්‍ය මණ්ඩලය ඔහුව ටෙස්ට් ක්‍රිකට් සඳහා නිර්දේශ කර නැහැ” යැයි තේරීම් කමිටු ප්‍රධානී උපුල් තරංග NewsWire වෙත පවසා ඇත.
“ලෝක කුසලානය පැමිණීමත් සමඟ අවදානමක් ගැනීමට අපට අවශ්‍ය නැහැ. නමුත් ලෝක කුසලානයෙන් පසුව, අපි ඔහුව ටෙස්ට් ක්‍රිකට් සඳහා සලකා බලනවා. විශේෂයෙන් වැදගත් එංගලන්ත සංචාරය වෙනුවෙන්” ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart