
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාවේ ට්‍රම්ප් පරිපාලනයෙන් පැනවූ බදු හේතුවෙන් උද්ගත වී ඇති අර්බුධකාරී තත්වය අමෙරිකාව සමග සාකච්ඡා මාර්ගයෙන්ම විසඳා ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ අමෙරිකාවේ වැඩිම බදු පැනවූ රටවල් අතර සිටි චීනය, කැනඩාව සහ මෙක්සිකෝව වැනි රටවල් ද සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලු නිරාකරණය කර ගෙන තිබෙන බවයි.
රටවල් 17 ක් මේ වනවිට තීරු බදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග සාර්ථකව සාකච්ඡා කර ඇති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ ලක්ෂ 08 කට වැඩි රැකියා අවස්ථා පවතින ඇගලුම් ක්ෂේත්රය ඇතුළු අනෙකුත් කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ද අමෙරිකාව සමග ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි.
ඒ සඳහා මෙරට වෙළඳ ක්ෂේත්රය අමෙරිකාවට විවෘත කර මෙරට අපනයන ක්ෂේත්රය ද ආරක්ෂා කර ගත යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart