
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ණය බරින් මිදී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා බලශක්ති ඇමැති කුමාර ජයකොඩි ප්‍රතික්ෂේප කරයි.
අද පාර්ලිමේන්තුව අමතමින් ඇමැති ජයකොඩි පැවසුවේ, විදුලිබල මණ්ඩලය සතුව රුපියල් බිලියන 323ක ණයක් ඇති අතර රජය මේ වන විට එහි කිසිදු ණයක් භාරගෙන නොමැති බවයි.
“විශේෂයෙන් මාධ්‍ය හරහා කටකතා පැතිර යමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම ද අදහස් දක්වා තිබෙනවා. කෙසේවෙතත්, විදුලිබල මණ්ඩලය තවමත් ණය ගෙවමින් සිටින්නේ. භාණ්ඩාගාරය හෝ රජය ඒ කිසිදු ණයක් භාරගෙන නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 167ක ලාභයක් වාර්තා කර ණය බරින් මිදී ඇත්ද යන්න පිළිබඳ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැති කුමාර ජයකොඩි මෙම අදහස් පළ කළේය.
කඩිනමින් විදුලි ගාස්තු අඩු කිරීමට රජය ලබා දී ඇති පොරොන්දු පිළිබඳ විමසමින් මන්ත්‍රී ජයසේකර ප්‍රශ්න කළේ මෙම වසරේ ජුනි මාසය තෙක් එය කළ නොහැකි බව රජය පවසා ඇත්තේ මන්ද යන්නයි.
“නුදුරු අනාගතයේ දී විදුලි බිල 30%කට වඩා අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසු බව ප්‍රවෘත්ති වාර්තාවක සඳහන් වුණා. නුදුරු අනාගතය කියන්නේ වසර දෙක තුනක් ද? බොරු කියන්නේ ඇයි?” යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි පැවසුවේ රජය කිසි විටෙකත් කෙටි කාලයක් ගැන සඳහන් නොකළ බවත් සැලැස්ම ඉදිරි වසර තුනක කාලයක් සඳහා බවත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart