
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ UNICEF සංවිධානය සහ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩල යන පාර්ශ්වවල හවුල්කරිත්වයෙන් ‘දරුවන් වෙනුවෙන් එක් දිනයක්'(One Day 4 Children) යනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.
සෑම දරුවෙකුටම ජීවත් වීමට සහ දියුණු වීමට බලාපොරොත්තුවක් හා සහයෝගයක් ලබාදීම මෙහි අරමුණයි.
ඒ අනුව, #BeAChampion යන තේමාව යටතේ ලබන නොවැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉන්දීය තරගයේදී මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණය නිල් පැහැයට හැරෙනු ඇත.
සෑම දරුවෙකුටම වඩා හොඳ ලෝකයක් ගොඩනැගීමට සහ ගැහැණු ළමයින් සඳහා සමාන අවස්ථා නිර්මාණය කිරීමට ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ ප්‍රවේශය උපයෝගී කර ගන්නා බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති UNICEF සංවිධානය පවසා තිබේ.
ඉන්දු-ශ්‍රී ලංකා තරගයේ දෙවැනි ඉනිමේදී ක්‍රීඩාංගණය පුරා නිල් ආලෝක සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර LED ආලෝකය විහිදුවන අත් පළඳනාවක් ක්‍රීඩාලෝලීන්ට අලෙවි කිරීමද සිදුකෙරෙනු ඇත.
UNICEF සහ ICC තානාපතිවරුන් වන සචින් ටෙන්ඩුල්කාර් හා මුත්තයියා මුරලිදරන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන්, ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ වත්මන් කණ්ඩායම් දෙක සමග එක්ව ළමුන් පිළිබඳ පණිවිඩය එදිනට ලොවට රැගෙන යනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart