
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් අතර වන හමුව රුසියාවේ වොස්ටොච්නි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
උතුරු කොරියානු නායකයා වොස්ටොව් වෙත පැමිණියේ ඔහුට අයත් අධිආරක්ෂිත , අධිසුඛෝපභෝගී දුම්රියෙන් වන අතර, එය බර අවි සහිත අවි ආයුධවලින් සන්නද්ධ වූ විශේෂිත දුම්රියකි.
රුසියාවට පැමිණි කිම් ජෝන් උන්ව ව්ලැදිමීර් පුටින් විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබු අතර ඔහු දැකීමෙන් තමා අතිශය සතුටට පත් වු බව පැවසූයේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කොරියානු නායක කිම් ජෝන් උං එහිදී පවසා ඇත්තේ කාර්ය බහුල වතාවරණයත් තිබියදී පවා තමාට රුසියාවට පැමිණිමට පුටින් කළ ආරාධනය තමන්ට කරන ලද ගෞරවයක් බවයි.
මේ අතර ඇතැම් අන්තර්ජාතික මාධ්‍ය , යුක්ක්‍රේන යුද්ධයෙන් ආයුධ ගබඩා හිස්කරගෙන සිටින රුසියාව මේ අවස්ථාවේ උතුරු කොරියානු නායකයාගෙන් යුද ආධාර ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුවීම සංවිධානය කර ඇති බව සදහන් කර ඇත.
උතුරු කොරියානු නායකයා රුසියාවට පැමිණියේ රුසියාව සහ උතුරු කොරියාව අතර අවි ගනුදෙනුවක් සදහා සාකච්ඡා කිරීමට බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව ද සැක පළ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart