
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පශ්චාත් යුධ සමයේ, මේ දක්වා පුනරුත්ථාපනයට ලක්ව සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 12,000 කට වැඩි පිරිසක් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 8,000ක් ඇතුළු පුද්ගලයන් 20,000 කට ආසන්න පිරිසකගේ සමාජ පරිසරයන් නිරන්තරයෙන් අධීක්ෂණය කරන බව පුනරුත්ථාපන කාර්යාංශය සඳහන් කරයි.
එම කාර්යාංශය විසින් පශ්චාත් යුධ සමය තුළ හිටපු එල්ටීටීඊ සාමාජිකයන් 12,000 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර සමාජගත කර ඇතැයි ඊයේ (03) පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි පැවැසීය.
එමෙන්ම පුනරුත්ථාපනයට අමතරව විවිධ ක්ෂේත්රවල පුහුණු අවස්ථා, විදේශ රැකියා සඳහා විදේශගත වීමට පවා ඔවුන්ට අවස්ථාව ලබාදෙන බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මේ අතර, වව්නියාව, කන්දකාඩු සහ සේනපුර යන ප්‍රදේශවල පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානවල මේ වනවිට පුද්ගලයන් 600කට අධික පිරිසක් පුනරුත්ථාපනය වෙමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.
2013 වසරේ සිට මේ දක්වා කාලය තුළ පමණක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 8,000කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර තිබෙන බවත්, පුනරුත්ථාපනය වූ පුද්ගලයන්ගේ සමාජ පරිසරයන් පිළිබඳව නිරතුරුවම නිරීක්ෂණය කරන අතර, ඒ සඳහා දිස්ත්‍රික්ක 13ක කාර්යාල පිහිටුවා ඇති බවත්, ඔහු පවසයි.
2023 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකවන නව පනතේ විධිවිධාන අනුව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වීමට හැකියාව පවතින බවත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ යාන්ත්‍රණයක් නොතිබුණද, එම ගැටලුව නිවැරදි කර කාන්තාවන් ද පුනරුත්ථාපනය කිරීමේ ප්‍රතිපාදන නව පනතට ඇතුළත් කර ඇති බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart