
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කළ 2024 නවක ජලපන්දු(වෝටර්පෝලෝ ) ශූරතාවලියේ වයස අවුරුදු 11න් පහළ ශුරතාව දිනාගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම සමත්වූහ.
මෙම ශූරතාවලියේ තරග 2024 මැයි 05 වන දින රාජකීය විද්‍යාලයීය පිහිනුම් සංකීර්ණයේදී පැවැත්විණි.
රාජකීය විද්‍යාලය සහ එස්.තෝමස් විද්‍යාලය වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ට එරෙහිව ක්‍රීඩා කළ තරඟ පහම ජයග්‍රහණය කිරීමට නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම එහිදී සමත්වූහ.
11න් පහළ ශූරතාව පමණක් නොව, වයස අවුරුදු 09න් පහළ සහ 15න් පහළ ශුරතා හිමිකර ගැනීමටද නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම් සමත් වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart