
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කච්චතිව්හි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මෙවර වාර්ෂික මංගල්‍යය සිකුරාදා ආරම්භ වූ අතර ඊට ශ්‍රී ලංකාව පුරා දහස් ගණනක් බැතිමත්හු පැමිණ සිටියහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඒ සඳහා සහභාගීවීමට නොහැකිවීම හේතුවෙන් තමන් නියෝජනය කිරීම සඳහා ඔහු යොමුකර තිබුණේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකයි.
එහි පැමිණි ජනාධිපති ලේකම්වරයා සංවිධායකයන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබිණි.
එම අවස්ථාවට පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු ජනාධිපති ලේකම්වරයාට යෝජනා කර තිබුණේ පුද පූජා අතරතුර භාර තුනක් ලබාදෙන ලෙසයි.
ඊට හේතුව ශාන්ත අන්තෝනි මුනිඳුන් බලවත් සාන්තුවරයකු ලෙස හැඳින්වීමයි.
එවිට සමන් ඒකනායක පිළිතුරු දී තිබුණේ “එහෙම වුණොත් එකම ඉල්ලීම තුන් පාරම ඉල්ලන” බවයි.
මෙය මැතිවරණ වසරක් බැවින් ඔහු ප්‍රාර්ථනා කරන්නේ කුමක් දැයි තමන්ට අනුමාන කළ හැකි බව පවසමින් සිනාසුණු විනිසුරුවරයා ලබන වසරේ දී ජනාධිපතිවරයා සමග ආපසු පැමිණෙන ලෙස ද ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart