
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක වකාර් යුනිස්ට එරෙහිව බංග්ලාදේශ මහාධිකරණයක් තීන්දුවක් ලබාදී තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පසුගියදා පැවති ලෝක කුසලාන තරගයේදී බංග්ලාදේශ ක්‍රිකට් සහ කණ්ඩායම් නායක ෂකීබ් අල් හසන් පිළිබඳව වකාර් විසින් කරන ලද විවේචනාත්මක ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම තීන්දුව ලබා දී ඇත.
එම තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස්ට ආන්දෝලනාත්මක ලෙස ‘කාලය ඉක්මවා'(Timed-out) දැවී යෑමක් සිදු වූ අතර, එය වසර 146ක අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ මෙවැනි දැවීයෑමක පළමු අවස්ථාව සනිටුහන් කළේය.
තරගය අතරතුර, මැතිව්ස්ව ‘කාලය ඉක්මවා’ දැවීයෑම සඳහා ඉල්ලීමක් සිදුකිරීමට ෂකීබ් තීරණය කළේය.
ICC රෙගුලාසිවලට ‘කාලය ඉක්මවා’ දැවීයෑම් සඳහා ප්‍රතිපාදන ඇතුළත් වුවද, මෙම සිදුවීමට පෙර එය අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාත්මක කර නොතිබිණි.
මැතිව්ස් නව හිස්වැස්මක් ඉල්ලා සිටි අතර, එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට මිනිත්තු දෙකකට වඩා ගත විය. ප්‍රමාදය දුටු ෂකීබ්, විනිසුරුට දැනුම් දීමෙන් මැතිව්ස්ගේ ‘කාලය අවසන්’ ලෙස ප්‍රකාශ කළේය.
වකාර් සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රසල් ආර්නෝල්ඩ් යන දෙදෙනාම විස්තර විචාරක කුටියේ සිට ෂකීබ්ගේ ක්‍රියාව විවේචනය කළ අතර, එම ක්‍රියාව “ක්‍රීඩාශීලී නොවන හැසිරීමක්” ලෙස විස්තර කළහ.
යුනිස් එහිදී විශේෂයෙන් ෂකීබ් වෙත සිය විවේචන යොමුකළේය. එය ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මයට පටහැනි බව සඳහන් කළේය.
දැන් මෙලෙස ලබාදී ඇති වකාර්ට එරෙහි අධිකරණ තීන්දුවෙන්, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ, වකාර් 2023 ICC ලෝක කුසලානයේ අන්තර්ජාතික විස්තර විචාරක ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිලි කළ යුතුය යන්න දැනුම්දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart