
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉංගිරිය පොලිස් වසමට අයත් කොටිගල, හඳපාන්ගොඩ ප්රදේශයේ වසර 100කට වඩා පැරණි, පාළුවට ගිය වලව් පන්නයේ නිවෙසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළා, එහි කළමනාකරු ලෙස කටයුතු කළ, කලක් මහණව සිට සිවුරු හැරගිය පුද්ගලයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට ඉංගිරිය පොලිසිය ඊයේ (29) සමත්ව තිබේ.
‘යුක්තිය’මෙහෙයුමට සමගාමීව මෙහෙයුම දියත් කර ඇති අතර, මෙම සිවුරු හැරගිය පුද්ගලයා ගණිකා නිවාසයේ සියලු කටයුතු පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.
මාතර, කඹුරුපිටිය පදිංචි 48 හැවිරිදි මෙම සැකකරු පොලිස් භාරයට ගැනීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, තමා පස්පවින් වැළකී කාලයක් මහණදම් පිරූ තැනැත්තකු බවත්, පසුව මෙලෙස මුදල් සෙවීමට පෙලඹුණු නමුත් මෙම ක්‍රමය ද අසාර්ථක බව අත්අඩංගුවට පත්වීමෙන් පසු හැඟී ගිය බැවින් නැවත මහණ වීමට අදහස් කරන බවත් පොලිසියට පවසා ඇත.
අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනාගෙන් අයෙක් ගණිකා සේවයේ යෙදුණු කාන්තාවක් වන අතර, 38 හැවිරිදි ඇය බිංගිරිය ප්රදේශයේ පදිංචි, සැමියාගෙන් වෙන්ව වෙසෙන දෙදරු මවකි.
මෙම කාන්තාව රුපියල් 3,000ක මුදලට සේවය සැපයීමේ පදනම මත මෙහි රැකියාව සිදු කර ඇති බව පරීක්ෂණවලදී හෙළිව ඇති අතර, අත්අඩංගුවට පත් තුන්වැන්නා ඇයගෙන් සේවය ලබා ගැනීමට පැමිණි පාදුක්ක ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
පෞරාණික වලව්වක ස්වරූපයක් ගන්නා ඉතා පැරණි නිවෙසක් වන මෙම ස්ථානය සිවුරු හැර ගිය සැකකරු විසින් මසකට රුපියල් 60,000ක කුලී පදනමක් මත ලබාගෙන තිබූ බව හෙළිව තිබේ.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart