June 18, 2025

කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනිය ලෙස ජාතික ජනතා බලවේගයේ ව්‍රායි කැලි බල්තසාර් අද වැඩ භාරගත්තාය.

සඳුදා කවුන්සිලයේ පැවති රහස් ඡන්දයකදී බහුතර ඡන්ද 26ක් ලබාගැනීමෙන් පසු ඇය කොළඹ මහනගර සභාවේ නගරාධිපතිනිය ලෙස තේරී පත්විය.

චන්ද විමසීමේදී, ව්‍රායි කැලි බල්තසාර් ඡන්ද 61ක් ලබාගත් අතර, ඇගේ ප්‍රතිවාදියා වූ සමගි ජන බලවේග අපේක්ෂක රීසා සරූක් ඡන්ද 54 ක් ලබාගත්තේය.

කොළඹ මහනගර සභාවේ දෙවැනි කාන්තා නගරාධිපතිනිය ලෙස ව්‍රායි කැලි බල්තසාර් ඉතිහාසයට එක්විය.