
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ 2 වැනි දිනය අතරතුරදී ඉන්දීය නායක විරාට් කෝලි දැඩි අවධානයකට ලක්ව ඇත.
පළමුවෙන් ඔහු ඕස්ට්‍රේලියානු පිතිකරුවකුට බාධාකිරීම හේතුවෙන් විවේචනයට ලක්විය.
අනතුරුව ඔහු දෙවැනි දිනයේ දැවීගොස් නැවත ක්‍රීඩාගාරයට යෑමේදී යළි තරමක උණුසුම් තත්වයක් ඇතිවිය.
ඔහු ක්‍රීඩාගාරයට යෑමේදී ඒ අවට ප්‍රේක්ෂකාගාරයේ සිටි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයෝ ඔහුට පරිභව කරනු දැකගත හැකිවිය.
ඒ පළමු දිනයේ කෝලිගේ හැසිරීම හේතුවෙනි.
ක්‍රීඩාගාරය වෙත මද දුරක් ගමන්කරන කෝලි නැවත හැරී පැමිණ ප්‍රේක්ෂකයන් දෙස බලන්නේ කෝපයෙනි.
කෙසේවෙතත් තරග සංවිධායකයකු පැමිණ කෝලිව ක්‍රීඩාගාරයට රැගෙන යන අයුරු මෙම සිදුවීම වීඩියෝගත කළ ප්‍රේක්ෂකයකු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් වීඩියෝවක දැක්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart