
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩ අපරාධ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සාවිත්‍රී පෝල්රාජ් ප්රමුඛ මන්ත්‍රීවරියන් 20 දෙනකු විසින් ඒකාබද්ධ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී අපරාධ මැඩලීමට සාමූහික අපොහොසත් වීම පිළිබඳව අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට සිදුවූ වූ ලිංගික අතවරය හේතුවෙන් යළිත් කතිකාවකට තුඩු දී ඇති බවයි.
සමාජ කාණ්ඩය හෝ වින්දිතයාගේ අනන්‍යතාව නොසළකා අපගේ මෙහෙවර විය යුත්තේ කාන්තා හිංසන සංස්කෘතිය බිඳදැමීම බව ද අදාළ නිවේදනයෙන් ඔවුන් අවධාරණය කර තිබේ.
සෑම දිනකම මිනීමැරුම්වල සිට ලිංගික අතවරවල සිට රැකියා ස්ථානයේ හෝ සයිබර් අවකාශයේ ලිංගික හිරිහැර කිරීම් දක්වා කාන්තාවන්ට එරෙහි එක් එක් අපරාධ ගැන අසන්නට ලැබෙන බවත්, කාන්තාවන්ට එරෙහි වෛරී ප්‍රකාශය සාමාන්‍යකරණය වී ඇත්තේ, කායික හා ලිංගික ප්රචණ්ඩත්වයේ සංස්කෘතියක් කරා ගොඩනැගෙන ස්ත්‍රී ද්‍රෝහී සංස්කෘතියක ගැඹුරු ගැටලුවක් පෙන්නුම් කරමින් බවත් එහි සඳහන් වේ.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ;
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart