
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රතිචාර මධ්‍යයේ හොඳින් ක්‍රීඩා කර ඔවුන්ට ගෞරවයක් ලබාදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පැවැසීය.
ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ පැවැති ජනමාධ්‍ය හමුවට එක්වෙමින් දසුන් ශානක වැඩිදුරටත් කියාසිටියේ තමන් නායකත්වය භාරගත් පසු අභියෝගමක ජයග්‍රහණය ලබාගත් බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින කණ්ඩායම වැටීම් සහ නැගිට්ම් තුළින් ඉදිරියට පැමිණි කණ්ඩායමක් බව දසුන් ශානක එම ජනමාධ්‍ය හමුවේදි සඳහන් කළේය.
වනිඳු හසරංග සම්බන්ධයෙන් එහිදී ජනමාධ්‍යවේදින් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර දැක්වූ දසුන් ශානක කියාසිටියේ, ලෝක කුසලානයේ පළමු තරග 04 ක් 05ක් සඳහා වනිඳුට සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයක නිසා, ඔහුව මූලික සංචිතයට නම් නොකළ බවය.
කෙසේවෙතත් වනිඳුට තරගාවලිය අතරතුර කණ්ඩායම සමග ක්‍රීඩාකිරීමේ අවස්ථාවක් හිමිවනු ඇති බවට බලාපොරොත්තු පවතින බව දසුන් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේර්ම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසා ඇත්තේ 15 දෙනාගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රිඩකයෙක් අබාධයකට ලක්වුවහොත් පමණක් වනිඳුට අවස්ථාවක් ලබාදිය හැකි බවය.
ලබන මස 05 වැනිදා ඉන්දියාවේ ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට දිවයිනෙන් පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයෝ ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්හ.
ඉන් අනතුරුව ඔවුන් ඉන්දියාව බලා පිටත්ව ගිය අතර, ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පළමු පුහුණු තරගය 29වැනිදා, එනම් අනිද්දා බංග්ලාදේශය සමග පැවැත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart