
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරිනියක සහ ව්ලැඩ්මීර් පුටින්ගේ රුසියාව සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති වෙනුවෙන් අධිෂ්ඨානශීලීව පෙනීසිටින එරට තුන්වැනි ඉහළම රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය වන වික්ටෝරියා නූලන්ඩ් වසර 30කට වැඩි රජයේ සේවයෙන් පසු මේ මාසයේ විශ්‍රාම යනු ඇත.
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් නුලන්ඩ් දේශපාලන කටයුතු සඳහා වන උප ලේකම් තනතුරින් ඉවත් වන බව පසුගිය අඟහරුවාදා නිවේදනය කළේය.
නුලන්ඩ් ‘නිල ප්‍රකාශිකාව’ ඇතුළු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තනතුරු රාශියක් දැරූ අතර, වරක් උප ජනාධිපති ඩික් චෙනීගේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශිකාව ලෙසද කටයුතු කළාය.
ඇය රුසියානු ජනපති පුටින්ගේ ස්ථාවරයන්ට සහ විදේශීය දේශපාලන බලපෑම්වලට එරෙහිව දැඩි ප්‍රතිරෝධයක් දැක්වීම සඳහා දිගු කලක් තිස්සේ තර්ක කළ විශේෂඥවරියක් ලෙස ඇයගේ සලකුණ තබා තිබේ.
ඔබාමා පාලන සමයේදී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම රුසියානු නිලධාරිනිය ලෙස ඇය යුක්රේනය යුද ටැංකි නාශක මිසයිලවලින් සන්නද්ධ කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව විශේෂයෙන් කැපීපෙනෙයි.
“නුලන්ඩ්ට වඩා කිසිවෙකු මෙම යුද්ධයට(රුසියාවට එරෙහි) තල්ලු කරන්නේ නැත” යනුවෙන් ටෙස්ලා සම-නිර්මාතෘ එලොන් මස්ක් පසුගිය පෙබරවාරියේ සිය X සමාජ මාධ්‍ය ගිණුමෙහි ලිවීය.
රුසියාවට වළ කැපීමට සහ පුටින් බලයෙන් පහකිරීමට කුමන්ත්‍රණය කරන වොෂින්ටනයේ අවතාරයක් ලෙස මොස්කව්හිදී ඇයට නින්දා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart