
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෘත්තීය සමිතිවල ඉල්ලීමක් හෝ බලකිරීමක් නොමැතිව ඉතිහාසයේ රජයක් විසින් ලබාදුන් වැඩිම වැටුප් වැඩිකිරීම සිදුකර තිබියෙදී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජන අනුමත කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදීය.
රජයේ වියදම් සීමා තුළ සිටින ආර්ථිකයක වුවද රාජ්‍ය සේවය කාර්යක්ෂමව යොදාගැනීම, කුසලතා සහිත පිරිස් ආකර්ෂණය කරගැනීම හා රාජ්‍ය සේවය දිරිගැන්වීම පිණිස මෙවර අයවැයෙන් රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වූ බව ජනාධිපතිවරයා පෙන්වාදී ඇත.
මෙවර අයවැයෙන් ආකාර 06ක් යටතේ වැටුප් ඉහළ නංවා ඇති බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා, මූලික වැටුප අවම වශයෙන් රු.15,000කින් වැඩිකිරීම, අතිකාල දීමනා වැඩිකිරීම, නිවාඩු දින දීමනා වැඩිකිරීම, වැටුප් වර්ධක 80%කින් වැඩිකිරීම, වැඩිකළ සමස්ත වැටුපට අනුරූපීව මේ වසරේ සිටම විශ්‍රාම වැටුප් තලය ඉහළ දැමීම සහ උපයන විට බදු ගෙවීම් සීමාව ඉහළ දැමීම සිදුකර ඇති බවද පවසා තිබේ.
මෙම වැටුප් වැඩිවීම රාජ්‍ය සේවයේ විශාල පිරිසකයේ පැසසුමට ලක්වන බවත් ඒ පිළිබඳ නව රජයේ උනන්දුව අගය කරන බවත් ජනාධිපතිවරයාට පවසා ඇති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීන්, වර්තමානයේ හෙද සේවයේ පවතින ගැටලුද ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසද ඉල්ලා සිටි ඇත.
කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන අය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart