
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 18ක් දක්වා වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
දැනට ක්‍රියාත්මක වැට් බදු ප්‍රතිශතය වන්නේ සියයට 15කි.
ණය තිරසාරභාවය සහතික කිරීමේ අරමුණින් ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය සඳහා විවිධ බදු පදනම් වූ වැඩිදියුණු කිරීමේ සහ සංවර්ධන බදු ප්‍රතිපත්ති යෝජනා 2022 ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කළ බව රජය සඳහන් කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ පළමු මාස 09 තුළ රාජ්‍ය බදු ආදායම 2022 වසරට සාපේක්ෂව සියයට 51කින් ඉහළ ගොස් ඇති නමුත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ බදු එකතුකිරීමේ ඉලක්ක තවමත් ඉටු වී නොමැති බව රජයේ අදහසයි.
ඒ අනුව 2024 ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බදු අනුපාතය සියයට 18ක් දක්වා වැඩිකිරීමට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
වැට් බද්ද තවමත් අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා සඳහාද සංශෝධිත බද්ද පනවනු ලබන අතර, නව බදු යෝජනා කිහිපයක් ද 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ පරිදි බදු ආදායම සහ ප්‍රාථමික ශේෂ ඉලක්ක සපුරා ගැනීම සඳහා සංශෝධිත බද්ද පැනවීම නව බදු යෝජනාවලට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart