
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාරවිල, නාත්තන්ඩිය ප්‍රදේශයේදී වෙඩිතබා කාන්තාවක් මරාදමා ඇත්තේ මත්ද්‍රව්‍ය ආරවුලක් නිසා විය හැකි බවට සැක කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නිලධාරීන්ගේ සැකය වී ඇත.
මෙම වෙඩිතැබීමෙන් කිරිමැටියාන පදිංචි තිස් හැවිරිදි වසන්ති චතුරානි නමැත්තිය එතැනම මියගිය අතර, ඇගේ දසහැවිරිදි දරුවා වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබීය.
පෙරේදා රාත්‍රි 9.30ට පමණ මෙම වෙඩිතැබීම සිදු විය.
මැරුම් කෑ කාන්තාව මීට මාස තුනකට පමණ පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි අයකු වූවාය. ඇය නිවුන් දරු මවකි.
දරු දෙදෙනා පාසල නිමවී ඇගේ මවගේ නිවෙසට පැමිණීමෙන් පසු වසන්ති ඇගේ දරුවන් රැගෙන ඇය පදිංචි නිවෙසට ගොස් තිබේ.
ඊට ටික වේලාවකට පසු කිසිවකු විසින් ඇයට දුරකථන ඇමතුමක් ලබාදී ඇත.
එම ඇමතුමට අනුව ඇය සිය දියණිය නිවෙසේ රඳවා දසහැවිරිදි පුතු සමඟ ත්‍රිරෝද රියකින් නිවෙසින් පිටව ගොස් තිබේ. ඒ දුරකථන ඇමතුම දුන් පුද්ගලයා හමුවීම සඳහාය.
විමර්ශන නිලධාර්න් පවසන්නේ ඇමතුම ලබාදුන් පුද්ගලයා අවස්ථා කිහිපයක්ම දුරකථනයෙන් කතාකොට ස්ථාන කිහිපයකට පැමිණෙන ලෙස ඇයට දන්වා තිබූ බවට තොරතුරු ලැබී ඇති බවය.
අවසානයේ ඇය සිය දරුවා සමඟ මව පදිංචිව සිටින නිවෙස ආසන්නයේ ස්ථානයකට පැමිණ ඇතැයි කියයි. එම අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් ඇය ඉලක්කකොට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත.
එම වෙඩි පහරවල් ඇගේ හිසටද වැදී ඇති අතර ඇය වෙඩිකාගෙන එතනම ඇද වැටී තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් ඇය ආසන්නයේ සිටි දරුවාද තුවාල ලබා ඇති අතර අසල්වාසීන් විසින් ඇය සහ දරුවා මාරවිල රෝහලට ඇතුළත් කර තිබිණි.
රෝහල්ගත කරන විටත් වසන්ති මියගොස් සිටියාය.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ තුවාල ලත් දරුවාගේ තත්ත්වය බරපතළ නොවන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන උසස් නිලධාරියෙක් පවසා ඇත්තේ, ඇගේ සැමියා මෙන්ම ඇගේ සමීපතමයකුද මත්කුඩු ජාවාරමට සම්බන්ධව අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවය.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart